නුවරඑළිය ප්රාදේශීය ලේකම් සමුළුව නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා නුවරඑළිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පවත්වන ලදි.
නුවරඑළිය දිස්ත්රික් ලේකම්තුමන්ගේ මගපෙන්වීම යටතේ දිස්ත්රික්කයේ සෑම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයකම ප්රාදේශීය ලේකම් සමුළුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර නුවරඑළිය ප්රාදේශීය ලේකම් විදුර සම්පත් මහතාගේ උපදේශකත්වයෙන් සිව්වන සමුළුව ලෙස මෙම සමුළුව සංවිධානය විය.
නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් සහ ප්රාදේශීය ලේකම්වරු මෙම සමුළුවට සහභාගි වු අතර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතන පරික්ෂාවට ලක් කිරීම ද මෙහිදි සිදු විය.
මෙයට සමගාමිව නුවරඑළිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ හමුවක් ද දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.












