සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් /ඩිප්ලෝමාධාරින් වෙත සංවර්ධන නිලධාරී සේවයේ ස්ථිර පත්විම් ලිපි ප්රදානය කිරීමේ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් (2022-01-23)හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
මෙම අවස්ථාවට හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, හගුරන්කෙත සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු මහජන නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


















