සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවන ජාතික මහා කාව්‍ය සම්මේලනයේ නුවරඑළිය දිස්ත්‍රික් බල මණ්ඩලය පිහිටුවීමේ වැඩසටහන 2022/10/28 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහ නියෝජනය කරමින් කවි කිවිදියන් සහ සංස්කෘතික නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර නුවරඑළිය බල මණ්ඩලයේ නවක නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීමද මෙහිදී සිදුවිය.



















