පසුගිය දිනවල නුවරඑළිය දිස්ත්රික්කයේ ඇති වු හදිසි ආපදාවලින් අවතැන්වු පවුල් වල පාසැල් දරුවන් වෙත නොමිලයේ පාසැල් උපකරණ කට්ටල ලබාදීමේ වැඩසටහනක් ශ්රීලංකා රතුකුරුස සමාජය මගින් ක්රියාවට නංවයි.
එම වැඩසටහනට සමගාමීව කොත්මලේ ප්රාදේශීය ලේකම් බලප්රදේශයේ පාසැල් දරුවන් වෙත පාසැල් උපකරණ කට්ටල බෙදාදීම නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්රධානත්වයෙන්
පසුගියදා කොත්මලේ ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේ පැවැත්විණ.
මෙම උපකරණ කට්ටලයේ සම්පූර්ණ වටිනාකම රුපියල් 12000 වන අතර කොත්මලේ දරුවන් 159කට මෙම පාසැල් උපකරණ ලබාදීම සිදු කරන ලදි.
මෙම අවස්ථාවට කොත්මලේ වැඩබලන ප්රාදේශීය ලේකම්තුමා,ශ්රීලංකා රතුකුරුස සමජයේ නුවරඑළිය දිස්ත්රික් විධායක නිලධාරීතුමා, පරිපාලන ග්රාම නිලධාරීතුමන්ලා, ආපදා සහන සේවා නිලධාරීතුමන්ලා, ග්රාම නිලධාරීතුමන්ලා, විදුහල්පතිතුමන්ලා,පාසැල් ගුරුභවතුන් දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.















