ළමා හිතකාමී සුරක්ෂිත පරිසරයක් පාසැල තුල බිහි කිරීමේ අරමුණ පෙරදැඩි කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ක්‍රියාවට නංවන, ළමා ආරක්ෂාව පිළිබඳ ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික් පුහුණු වැඩසටහන 2023.11.14 වන දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කර්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට ශිෂ්‍ය තානාපති වැඩසටහනේ ලියාපදිංචි වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසැල් නියෝජනය කරන ශිෂ්‍ය නායකයින් පිරිසක් සහභාගී වූහ.
ළමා ආරක්ෂාව පිලිබද ජාතික ප්‍රතිපත්තිය පිලිබදව ශිෂ්‍ය නායකයින් දැනුවත් කිර්‍ර්ම,පාසල තුල සිදුවිය හැකි අපයෝජන වලක්වා ගැනීම, ශිෂ්‍ය නායකයින් ළමා ආරක්ෂාවේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම, පාසැල තුල ළමාරක්ෂාව තහවුරු කිරීම සදහා ශිෂ්‍ය තානාපතිවරුන්ගේ වගකීම සහ මැදිහත්කරණය පිලිබදව මෙහිදී ශිෂ්‍ය නායකයන් දැනුම්වත් කරන ලදි.
මෙම වැඩසටහනේ සම්පත් දායකයින් ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂිකා (සැලසුම්,තොරතුරු) ශානිකා මලල්ගොඩ මහත්මිය, සහකාර අධ්‍යක්ෂක (තොරතුරු හා මාධ්‍ය )ලක්ශිකා මැණික්බෝව මහත්මිය සහභාගී වූ අතර නුවරඑළිය දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරී හරේන්ද්‍ර ජයන්ත මහතා මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.
මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිනිකා කවිසේකර මහත්මිය ,රාජ්‍ය නිලධාරීන්, පාසැල් විදුහල්පතිවරු, ගුරු භවතුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.


















