Featured News

පාසල් ළමුන් සඳහා වන අන්තර් සංස්කෘතික වැඩසටහන සහ සමගිය , සංහිඳියාව පිලිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (28) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැත්වීනි.


නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මග පෙන්වීම මත නුවරඑළිය දිස්ත්‍රික් ඒකාබද්ධතා අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.


ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සර්ව ආගමික පුජකතුමන්ලාගේ අනු ශාසනා වලින් ආරම්භ කල මෙම වැඩසටහන දි විවිධ ජන වර්ග නියෝජනය කරමින් පැමිණි පාසල් සිසු දරුවන් විසින් විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කිරීම සිදුවිය.


මෙම අවස්තාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම) දිනිකා කවිසේකර, සහකාර දිස්ත්‍රික් ලේකම් සමිර ගම්ලත්, යන මහත්ම මහත්මියන් නුවරඑළිය අධ්‍යාපන අධයක්ෂ තුමන් ඇතුළු ගුරුවරුන් පිරිසක් සහ පාසල් දරුවන් ඇතුළු පිරිසක් එකක්ව සටිහ.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
නුවරඑළිය.

 

406070249 663984762564850 6117336801427784051 n406072014 663984949231498 4732849628461467725 n406092071 663984892564837 6020069139727908806 n406545055 663984945898165 5030343165437172588 n406547329 663984942564832 3080256478102123552 n