Featured News

නොවැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිත "සමනොල සිරි හරිත වන්දනා " ශ්රමදාන වැඩසටහන දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවයි කල් දැමිමට පියවර ගෙන තිබේ.
මෙි වන විට සිරිපා මළුවට ඇදහැලෙන අධික වැසි සහිත කාලගුණය හා සුළං තත්ත්වය නිසාත්, එදිනට දෙදහසකට අධික පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති නිසාත් මෙම තීරණයට එළැඹි බව එහි සංවිධායකයි සදහන් කරයි.
කෙසේ වුවද, මෙි වනවිට සිරිපා මළුව , අවට හා හෙල ප්රදේශයේ ක්රියාත්මක දිරන නොදිරන අපද්රව්ය සමිපුර්ණයෙන්ම ඉවත් කිරීමෙි ක්රියාවලිය කොමාන්ඩෝ භටයන් ඇතුළු ශ්රී ලංකා යුද හමුදා භටයන් විසින් අධික වැසි මධ්යයේ යුහුසුළුව සිදු කරනු ලැබෙි.
"සමනොල සිරි හරිත වන්දනා" වැඩසටහනෙන් සිරිපා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් ගේ පහසුකම් වැඩිදියුණු කිරීමට හා දිරන නොදිරන අපද්රව්ය සමිපුර්ණයෙන්ම පාහේ ඉවත් කිරීමට සැලසුම් කර ඇත. මෙය කෙටිකාලීන , මධ්යකාලීන හා දිගුකාලීන වැඩසටහනක් ලෙස ක්රියාත්මක කෙරේ. ක්ලීන් ශ්රී ලංකා ලේකම් කාර්යාලය , පරිසර අමාත්යාංශය , ශ්රී ලංකා යුද හමුදාව ඇතුළු ත්රිවිධ හමුදාව, නුවරඑළිය හා රත්නපුර දිස්ත්රික් ලේකමි කාර්යාල ඇතුළු රාජ්ය ආයතන රැසකගේ සහභාගීත්වය මීට ලැබී ඇත587402475 1191101679878734 5921242712724034274 n588884132 1191101646545404 4179211460106992265 n590800903 1191101953212040 1275149324166914469 n