දිට්වා ආපදා හේතුවෙන් විනාශ වු නුවරඑලිය දිස්ත්රික්කයේ වලපනේ, හගුරන්කෙත, මතුරට සහ නිල්දාණ්ඩාහින්න යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස නැවත ගොඩනැගීම අරමුණු කරගත් බදුල්ලෙන් වලපනේට “අධිෂ්ඨානයේ ශ්රම මෙහෙයුම” මගින් වලපනේ පදියපැලැල්ල ගලබොඩ ගමේ කුබුක්ගහ වැව ප්රතිසංස්කරණය කටයුතු ආරම්භ කර තිබේ.
මේ සදහා බදුල්ල දිස්ත්රික්කයේ මහියංගන ප්රදේශයේ ජනතාව හා ප්රදේශ වාසින් එක්ව සිටිහ.
ජනවාරි මස 16 දින සිට 19 දින දක්වා දින හතරක කාලයක් පුරා ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ශ්රමදාන වැඩසටහන සදහා බදුල්ල දිස්ත්රික්කයෙන් පැමිණි රාජ්ය නිලධාරීන් ඇතුළු දහස්ගණනක් වු ජනතාව සම්බන්ධ වීම විශේෂිතය.



















