දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් වූ කොත්මලේ නැගෙනහිර හා බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ජනතාවගෙ පවතින ගැටළු කඩිනම්න් නිරාකරණය කිරීම අරමුණු කරගෙන කොත්මලේ නැගෙනහිර හා බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධ පැවැත්වූ ජංගම සේවා වැඩසටහන අද (25) දින කොත්මලේ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුෂ්කා ප්‍රියදර්ශනී මහත්මිය සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැති මෙම ජංගම සේවාවෙදි දිට්වා සුලි කුනාටුවෙන් හානියට පත් නිවාස හා ජනතාව ට වන්දි ලබාදීමට අදාළ ගැටලු, නැතිවු උප්පැන්න, ජාතික හැදුණුම් පත් ඇතුළු ලේඛන් සැකසීම, MBRO වාර්තා ලබාගැනීම, විනාශ වු ව්‍යාපාර ගොඩනැගිම ඇතුළු කටයුතු පිළිබඳව සේවා ලබාදීම මෙහිදී සිදු විය.





























