Featured News

2025-2026 වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා සමය 2026 වෙසක් පොහෝ (30) දිනට පසු දින මැයි (31) දිනෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නා හිමියන් පැවසීය.

ශ්‍රී පාදස්ථානාධිපති නා හිමියන් ඒ බැව් පැවසූවේ, 2025-2026 ශ්‍රී පාද වන්දනාවාරය අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ නිළධාරින් දැනුවත් කිරිම සදහා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයෙ දි පසුගිය (08) දා රැස්වීමකදීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ශ්‍රී පාදස්ථානාධිපති නා හිමියන් කියා සිටියේ, වෙසක් පොහෝදා ශ්‍රී පාද උඩ මළුවේ පෝදා ආගමික වැඩසටහහන් ගණනාවක් පැවත්වෙන බවත්, ඊට පසු දින (31) දින ශ්‍රී පාද උඩ මළුවවේ පැවැත්වෙන උදෑසන පූජාවෙන් අනතුරුව ශ්‍රී පාද උඩ මළුවවේ තැම්පත් කර ඇති සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන්වලින් කොටසක් රත්නපුර පලාබද්දර මාර්ගයේ සහ කුරුවිට එරත්න මාර්ගයේ පෙරහැරකින් පැල්මඩුල්ල ශ්‍රී පාද රජමාහා විහාරස්ථානය කරා වැඩම කරවන බවයි.

ශ්‍රී පාද උඩමළුවවේ දහවල් පැවැත්වෙන බුද්ධ පුජාවෙන් අනතුරුව තවත් පෙරහැරක් නල්ලතන්නිය දක්වා වැඩම කර එදින පස්වරුවේ නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සෙ නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල රත්නපුර හරහා පැල්මඩුල්ල රජමාහා විහාරස්ථානයද දක්වා තවත් පෙරහැරවල් දෙකක් ගමන් ගන්නා බවයි.

මාර්ග 4ක් ඔස්සේ වැඩම කරන ලද ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන් සහ ආභරණ එදින රාත්‍රීයේ සිට (31) දින දහවල් දක්වා පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැම්පත් කර, එහි ආගමික වතාවන් ගණනාවක් සහ දේව පූජාවන් ගණනාවක් පවත්වා, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා එසේ වැඩම කල ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර තිබු සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව පෙරහැරකින් වඩම්මවා ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එහි තැම්පත් කර තැබෙන බවයි.

මෙම රැස්වීමට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත්, නුවරඑලිය දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටිහ.

1

2

3

4