Featured News

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුබද්ධ තලවකැලේ නව උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිපාලන කටයුතු සදහා විවෘත කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා තලවකැලේ නගරයේ දී සිදුකෙරිණ .
කොටගල,තලවකැලේ,වටගොඩ,ලිඳුල,ඩයගම, ආගරපතන,බෝපත්තලාව, යන ප්‍රදේශවල ජනතාවට තම අවශ්‍යතා සඳහා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණීමේදී විවිධ දුෂ්කරතාවයන් රාශියකට මුහුණ පෑමට සිදුවිය. එම ගැටළුවලට විසඳුමක් වශයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හා සීමා නිර්ණය කමිටුවේ නිර්දේශයන්ට අනුව තලවකැලේ ප්‍රදේශයේ මෙම උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටුවන ලදී.
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම කාර්යාලයේ කටයුතු සිදුකිරීමට නියමිත අතර තලවකැලේ නගරයේ ධර්මලිංගම් ශාලාවේ උඩුමහලේ මෙය ස්ථාපනය කර ඇත.
විවෘත කිරීමේ උත්සවයට සදහා වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා , නුවරඑළීය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාන්ඩී රාමේෂ්වරන් මහතා , හැටන් දික්ඔය නගර සභාවේ සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් නන්දන ගලබඩ මහතා , ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් එක් ව සිටියහ.

267923369 219181677045163 1214017507679942835 n

267897880 219181920378472 9186993717505257878 n 269743573 219181910378473 802323221577363494 n

269850667 219181937045137 6683279841106677706 n 270019997 219182027045128 768921722390482824 n

270081005 219182010378463 1436553394923054228 n 267747586 219181983711799 1778166993544364566 n