Featured News

ඇගළුම් ක්ෂේත්‍රයේ නියැලෙන ව්‍යවසායිකාවන් උදෙසා මාර්ගගතව පවත්වනු ලැබූ, "සන්ලයිට් මනුදම්වියමන" තාක්ෂණික පුහුණු අවසන් පරීක්ෂණයෙන් ඉහලින් සමත්වූ නුවරඑළියේ ව්‍යවසායිකාවන් සදහා ත්‍යාග ප්‍රදානය කිරීම අද (13) දින සිදු විය.
පසුගිය කොරෝනා වසංගත සමයේ, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, යුනිලිවර් ආයතනය හා සිංගර් ෆැෂන් ඇකඩමි ආයතනයන්හි එකමුතුවෙන් සංවිධානය කල මෙම
තරගයෙන් ව්‍යවසායිකාවන් 250 තෝරාගැනීම සිදු විය.
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද ජයග්‍රාහිකාවන් තිදෙනෙකු බිහිවූ අතර එම ජයග්‍රාහිකාවන් වෙත රු.20000 බැගින්වූ මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් විදුර සම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි සිදු විය.

302000952 396791309284198 5631213079414761890 n

304775223 396791532617509 6999858251916406623 n