පසු ගියදා ඇතිවු අයහපත් අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපදාවට ලක් වු නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් වල සිටින පාසල් දරුවන් වෙත අවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේ දි පැවැත්විණි.
දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මගපෙන්වීම මත රතු කුරුස සංවිධානය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ලෙස ඔස්ට්‍රේලියාව රතුකුරුස සංවිධානයේ සන්නිවේදන නිලධාරී Kate Marshall මහත්මිය සහ නුවරඑලිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා එක් විය.
මෙම හිදි පාසල් දරුවන් 50 දෙනකු සදහා නව පාසල් වාරයට අවශ්‍ය උපකරණ බෙදාදීම සිදුවිය .




















