"අස්වැන්න නෙලීමේ උත්සවය" යන අරුත ඇති තෛපොංගල් උත්සවය සිහිපත් කරමින් පසුගිය දා අඹගමුව කෝරළය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් සැමරුම් උත්සවයක් පැවැත්විණි.
අඹගමුව කෝරළය ප්රාදේශීය ලේකම් සිතාරා ගමගේ මහත්මියගේ ප්රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ දි පූජා පවත්වා දේව ආශිර්වාද ලබා ගැනීම සිදුවිය.


















