නුවරඑළිය දිස්ත්‍රික් සිල්මාතා සංගම් නිලවරණය 2023.11.22 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පුජ්‍ය දඹගොල්ලේ සෝමානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම නිලවරණයට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් (ලේකම්) ඉඩම් දිනිකා කවිසේකර මහත්මියද එක්ව සිටියාය.
ඒ අනුව 2024 නුවරඑළිය සිල්මතා සංගම් නිලවරණයේදී තේරී පත්වූ නිල මඩුල්ල මෙසේය.
සභාපති:
පුජ්‍ය නුවරඑළිය දම්මිකා මෙහෙණින් වහන්සේ
නියෝජ්‍ය සභාපති:
පුජ්‍ය දෙහිවල භාරති මෙහෙණින් වහන්සේ
ලේඛකාධිකාරී:
පුජ්‍ය වත්තේගෙදර සුචින්තා මෙහෙණින් වහන්සේ
නියෝජ්‍ය ලේඛකාධිකාරී:
පුජ්‍ය මොණරාගල සුභාෂිණි මෙහෙණින් වහන්සේ
භාණ්ඩාගාරික:
පුජ්‍ය මැදවෙල ධම්මප්රීති මෙහෙණින් වහන්සේ
නුවරඑළිය දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරී පුජ්‍ය උඩමාදුරේ සිරි රතන හිමියන්ගේ මගපෙන්වීම මත දිස්ත්‍රික් සංස්කෘතික අංශය මෙම නිලවරණයේ සම්බන්ධිකරණ කටයුතු සිදුකල අතර, මෙම අවස්ථාවට නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරී පුජ්‍ය මැදකන්දේ ධම්මික හිමියන්, නුවරඑළිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පුජ්‍ය කිරිඔරුවේ ධීරානන්ද හිමියන්, ඇතුළු පැවිදි ගිහි පිරිසක් සහභාගී වුහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

















