Featured News

ජගත් පරිසර දිනයට සමගාමිව නුවරඑළිය නගර සීමාව තුළ මාස හයක කාලයක් ඇතුළත සාර්ථකව අඩි තුනක හතරක ප්‍රමාණයේ පරතරයක ගස් දහසක් රෝපණය කිරීමේ "නුවරඑළියට මගෙන් ගසක්" ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයේ පසුගියදා නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය අසල දී පැවැත්විණ.


නුවරඑළිය මහනගර සභාවේ නාගරික කොමසාරිස් ඉශාන් විජයතිලක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ 2024 වර්ෂයේ ඉදිරි මාස හයක කාලයක් ඇතුළත නුවරඑළියට ආවේණික ගස් වර්ග දහසක් සිටුවීම සදහා සැලසුම් සකස් කර ඇති අතර මෙම ව්‍යාපෘතිය සඳහා රාජ්‍ය මෙම පෞද්ගලික ආයතන හා නගර ආසන්නයේ පාසල් වල සහයෝගය ලබා ගැනීමට නියමිතය.


නුවරඑළිය සංචාරයේ සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ද තමන්ගේ නමින් ගසක් සිටුවීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන අතර එම ගස සඳහා වන ගූගල් ස්ථානගත සලකුණක් අන්තර්ජාලය ඔස්සේ ලබාදීමට කටයුතු කරන අතර ලෝකේ ඕනෑම තැනක සිට තමන්ගේ ගසේ වත්මන් ප්‍රමාණය හා තත්ත්වය පිළිබඳව දැකගැනීමට හැකිවන බව නාගරික කොමසාරිස්වරයා මෙහිදී පැවසිය.


මෙම අවස්ථාවට හිටපු නගරාධිපතිවරුන්වන චන්දන ලාල් කරුණාරත්න , මහින්ද දොඩම්පේගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.

448157466 777841681179157 4981648971711823482 n

448086749 777841694512489 876295381054994689 n

448086299 777841714512487 7544240095729409125 n