ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත හිංසනයන් වැලැක්වීමට සහ ප්‍රතිචාර දැක්වීමට අදාලව ඒ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.07.24 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.
හිංසනයට පත්වන කාන්තාවන් සදහා විධිමත් සම්බන්ධීකරණයෙන් යුක්තව කටයුතු කිරීමට ආදාල පාර්ශවයන් ඒකාබද්ධ කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ. මෙහි ප්‍රධාන දේශනය සිදුකරන ලද්දේ UNFPA ආයතනයේ උපදේශිකා නීතීඥ උදේනි තෙවරප්පෙරුම මහත්මිය විසිනි.
කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය සහ UNFPA ආයතනය ඒකාබද්ධව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන ඒකකය විසින් මෙම වැඩසටහනේ සම්බන්ධිකරණ කටයුතු සිදුකරනු ලැබිය.
මෙම වැඩසටහනට සහකාර දිස්ත්‍රික් ලේකම් සමීර ගම්ලත් මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, පරිපාලන ග්‍රාම නිලධාරීන්, නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහලේ වෛද්‍යවරුන් ප්‍රධාන හෙද නිලධාරිතුමිය ඇතුළු මිතුරු පියස නිලධාරීන්, ශ්‍රීලංකා පොලිසියේ නිලධාරීන්, නීති ආධාර කොමිෂන් සභාවේ නීති නිලධාරී, ප්‍රජා විශෝධන නිලධාරීන්, සමාජ සේවා නිලධාරීන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය





















