Featured News

නුව­ර­එ­ළි­යේ දී පැවැත්වීම ට නියමිත ජාතික වෙසක් උත්ස­වය ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සාර්ථකව සිදු කරගැනීම සදහා සැමදෙනාගේම සහයෝගය අවශ්‍ය බව දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසිය.
ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට අදාලව රාජ්‍ය නිලධාරින් ඇතුලු පිරිස දැනුවත් කිරීම වෙනුවෙන් අද (07) දින නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදි පැවැති සාකච්ඡාවෙ දි දිස්ත්‍රික් ලේකම්තුමිය මෙම අදහස් පැවසීය.
“භජේත මිත්තේ කල්යානේ“ – “කලණ මිතු­රන් ඇසුරු කරන්න“ යන්න තේමා කර ගනි­මින් නුව­ර­එ­ළිය දි මැයි මස 10 දින සිට 16 දින දක්වා පුරා සතියක කාලයක් පැවැත්වීම ට සැලසුම් කර තිබේ.
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ නගර ශාලාව කේන්ද්‍ර කරගැනිමින් ප්‍රධාන උත්සවය පැවැත්වෙන අතර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ආමිස සහ ප්‍රතිපත්ති පූජා වලට මුල් තැන දෙමින් සිදු කිරීමට නියමිතය.
වෙසක් උත්ස­වය සංවිධානයට අදාලව ඒ ඒ කටයුතු සිදුකිරීම සම්බන්දව මෙහිදි සාකච්ඡා කිරීම සිදුවිය.
මෙම අවස්තාවට ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරිඔරුවේ ධීරානන්ද හිමියන්, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය උඩමාදුර සිරි නන්ද හිමියන් ඇතුලු මහ සංඝරත්නය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ශාලිකා ලිදකුඹුර, නුවරඑළිය ප්‍රාදේශි ලේකම් ප්‍රගීත් දනන්සුරිය යන මහත්ම මහත්මින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටිහ.
1
2
3
4
5