Featured News

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) පෙරවරුවේ ආරම්භ කළ අතර එය සාර්ථකව සිදුවු බව නුවරඑළිය දිස්ත්‍රික් තේරුම් භාර නිලධාරීන් / දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසිය.
ඇය තව දුරටත් සදහාන් කලේ හෙට (25) දින සහ අප්‍රේල් 28 සහ 29 යන දින තුනේ ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවය.
ඒ අනුව රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට මෙම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමි වේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා නිලධාරීන් 18232 ක් සුදුසුකම් ලබා ඇති බවද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි / දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සඳහන් කරයි.
නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී/ දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ අධීක්ෂණය මත නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් ලහිරු කලුගම්පිටිය මහතාගේ සම්බන්ධීකරණයෙන් නුවරඑළිය දිස්ත්‍රික් තැපැල් ඡන්ද සලකුණු කිරීම ක්‍රියාත්මක වේ.
GA Madam