Featured News

නුවරඑළිය ජාතික වෙසක් උත්සවය මගින් මෙරට ජනතාවගේ සමගිය ලොවට පෙන්වන්න හැකි උනා...
අවලාද නගන්නේ දරාගන්න බැරුව බව නුවරඑළිය මහ සංඝරත්නය පෙන්වා දෙයි
නුව­ර­එ­ළි­යේ දී පැවැත්වෙන ජාතික වෙසක් උත්ස­වය මෙරට වාසය කරණ බෞද්ධ , හින්දු, ක්රිස්තියානි මුස්ලිම්, ඇතුළු සියලු ජනතාවගේ ජාතික සමගිය සහ සහාජීවනය පෙන්නුම් කල තෝතැන්නක් වු බව දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය පෙන්වා ‍දෙනවා.
 
උන්වහන්සේලා තවදුරටත් සදහාන් කරන්නේ පසුගිය 10 දින සිට අද දක්වා ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් නුවරඑළිය නගර කේන්ද්‍රය කර ගනිමින් දිස්ත්‍රික්කය පුරා පැවති වැඩ සටහන් ජනතාවගේ බොදු ප්‍රබෝධය නැන්වීම සඳහා ඉවහල් වූ බවයි.
 
කොළඹින්ක පිටත ජනතාවගේ බොදු ප්‍රබෝධය ගැන හඳුනා නොගත් ඇතැම් පිරිස් සාර්ථකව පැවැත්වෙන නුවරඑළිය වෙසක් උත්සවය පිළිබඳව දරාගන්න බැරුව නගන අවලාද හෙලා දකින බවත් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථ‍ානයේදී අද (16) දින මාධ්‍යයට අදහස් දක්වමින් නුවරඑළිය සමස්ථ මහා සංඝරත්නය වෙනුවෙන් උන්වහන්සේලා පැවසුහ.
 
මෙවර වෙසක් උත්සවය සාර්ථක කර ගැනීම සදහා කාලගුණයේ ආශිර්වාදයද ලැබුණු බාවත්, සාර්ථක වෙසක් උත්සවයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කල මහා සංඝරත්නයටත්, ජනාධිපතිතුමන් ප්‍රමුඛ රාජයටත්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනය ඇතුළු සැමදෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරන බවද උන්වහන්සේලා තවදුරටත් සඳහන් කලහ.
 
මෙම අවස්ථාව ට නුවරඑළිය දිස්ත්‍රික් සාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ගරු ලේඛකාධිකාරී, කඳපොළ ශ්‍රී ජිනේන්ද්රාරාමාධිපති, දඹගොල්ලේ සෝමානන්ද හිමි, නුවරඑළිය ප්‍රාදේශීය සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන‍ාදීපති කිරිඔරුවේ ධිරානන්ද හිමියන්, හාවාඑළිය අශෝකාරාමාධිපති දෙහිගහා හේනේ කෝවිද හිමියන් එක්ව සිටිහ.
497285934 1011744634455526 1552194846013335981 n