වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව එහි ගරු සභාපති,අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වලපනේ ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී පසුගිය (18) දා පැවැත්වීය.
වලපනේ ප්‍රාදේශීය ලේකම් බි.ඩබ්.ඩබ්. මැණික්සිංහ මහත්මියගේ සම්බන්ධිකරණයෙන් පැවැති මෙම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ දි ප්‍රදේශයේ පවතින ගැටළු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරුනු අතර ඒ සඳහා විසඳුම් ලබාදීමද සිදුවිය.
මෙම අවස්ථාවට වලපනේ ප්‍රාදේශීය සභා උප සභාපතිතුමන් ඇතුළු මහජන නියෝජිතයන්, කොට්ඨාසයේ සියළුම රාජ්‍ය ආයතනවල ප්‍රධානින් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගිත්වුහ.














