Featured News

නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂ රැස්වීමක් අමාත්‍ය සී බී රත්නායක මහතා සහ දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
පසුගිය දා නුවරඑළිය ප්‍රෙද්ශයේ ඇතිවූ ජලගැලුම් තත්ත්වය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කළ අතර මෙම ආපදා තත්ත්වය වළක්වා ගැනීමට කඩිනම් පියවර ගැනීම සම්බන්ඳව මෙහිදි සාකච්ඡා විය.
ජල ගැලිම් වලට ලක්වු ඇළ මාර්ග දෙපස ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කර එය පුළුල් කිරීමටත්, ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහා දීර්ඝකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමටත් මෙහිදි තිරණය විය.
ග්‍රෙගරි වැවෙන් පිටවන ජලය භාවිත කරමින් විදුලිය උත්පාදනය කිරීමේ ක්‍රමවේදයක් සැකසීමටත් මෙහිදී සාකච්ඡා විය.
මෙම අවස්ථාවට සියලුම රාජ්‍ය ආයතන වල ආපදා මෙහෙයුම් කමිටු නිලධාරීන් සහභාගි වුහ.

 

250721369 186631240300207 2464340439540955431 n

251449072 186631216966876 599481364500706385 n

252761026 186631313633533 5973017383081621345 n

252786610 186631343633530 6621382904368444539 n

253168837 186631270300204 8742418409892135080 n