නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලය සහ නුවරඑළිය මහ නගර සභාව අතර පැවැත්වු 2022 සුහද ක්රිකට් සහ දැල් පන්දු තරගාවලියේ සමස්ථ ජයග්රහණය නුවරඑළිය මහ නගර සභාව හිමිකරගනිමින් නිමාවට පත්විය.
දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු සම්භාවණිය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් නුවරඑළිය මහජන ක්රිඩාංගණයේ (සිනිසිටා) දි පසුගිය (18) දා තරගාවලිය පැවැත්විණි.
ක්රිකට් තරගය සඳහා මුලින්ම පන්දුවට පහර දීම දිස්ත්රික් ලේකම් කාර්යාළීය කණ්ඩායම විසින් සිදුකල අතර පන්දු වාර 30 අවසානයේ කඩුලු 09 දැවි ඔවුන් ලබාගත් මුළු ලකුණු ප්රමාණය 208 කි.
ඉන් අනතුරුව පිටියට පිවිසි නුවරඑළිය මහ නගර සභා කණ්ඩායම පන්දුවාර 28 ක් අවසානයේ කඩුළු 4 ක් දැවි තම ජයග්රාහී ඉලක්කය වු ලකුණු 209 ක් ලබාගැනීමට සමත්විය.
එ අනුව නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලය සහ නුවරඑළිය මහනගර සභාව අතර සුහද ක්රිකට් තරගයේ ජයග්රහාණය නුවරඑළිය මහ නගර සභා පිල හිමිකරගත් අතර දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ අතින් සිය කුසලාණය ලබාගැනීම සිදුවිය.
නුවරඑළිය මහනගර සභා පිල නියෝජනය කළ අසංක දිසානායක තරගයේ හොදම පිතිකරු ලෙසත්, තරගයේ හොදම පන්දු යවන්නා ලෙස එම්. චාරක ක්රිඩකයාත් මෙහිදි සම්මාන ලබාගැනීම සිදුවිණි.
නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලය සහ නුවරඑළිය මහ නගර සභාව අතර පැවැති දැල් පන්දු තරගය 11 ට 4 ක් ලෙස නුවරඑළිය මහ නගර සභා ක්රිඩිකාවන් ජයග්රහණය හිමිකරගත් අතර එම කණ්ඩායමේ දිලානි දිසානායක හොදම විදින්නිය ලෙසත්, තමිල් චෙල්මි හොදම රකින්නිය ලෙසත් සාම්මාන හිමිකරගත්හ.
2017 වාර්ෂයේ ආරම්භ කළ මෙම සුහද ක්රිකට් සහ දැල් පන්දු තරගාවලියේ මිට පෙර පැවැති ක්රිකට් තරගයේ ශුරතාව දිස්ත්රික් ලේකම් කාර්යාලය හිමිකරගත් අතර දැල් පන්දු තරගයේ ජය නුවරඑළිය මහ නගර සභා ක්රිඩිකාවන් හිමිකරතන තිබිණි.
මෙම අවස්ථාවට නුවරඑළිය මහ නගරසභාවේ නාගරික මන්ත්රිවරුන්, අතිරේක දිස්ත්රික් ලේකම් සහ වැඩ බලන නාගරික කොමසාරිස් සහ සුජිවා බෝධිමාන්න මහත්මිය ඇතුළු පිරිසත් එක්ව සිටිහ.

























