නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය සහ සුබ සාධක සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන අවුරුදු උත්සවය මෙවර හැටන් මාරනාතා ළමා නිවාසයේ දරු දැරියන් සමග එක්ව අද (07) දින සැමරීම සිදුවිය.
දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් මත ළමා නිවාසයේ දරු දැරියන් වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිම විශේෂිතය.
මෙහිදි දරු දැරියන්ගේ දැනුම සහ සතුට වෙනුවෙන් විවිධ අවුරුදු වැඩසටහන් සංවිධානය කර තිබු අතර ඒ සඳහා දිස්ත්රික් ළමා රක්ෂක අධිකාරි කාර්යාලයේ සම්පත් දායකත්වය ලැබිණ.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම් සුජිවා බෝධිමාන්න, සහකාර දිස්ත්රික් ලේකම් ශාලිකා ලිඳකුඹුර යන මහත්මින් ඇතුළු දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසක් එක්ව සිටිහ.




























