Featured News

පසුගියදා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය මගින් ශ්‍රී ලංකාව වෙත ලබාදුන් මානුෂිය ආධාර බෙදා දීමේ වැඩසටහනට සමගාමිව අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අඩු අදායම්ලාභීන් සහ වතු ජනතාව වෙත අදාල ආධාර බෙදා දිමේ කටයුතු හෙට (03) දින සිට සිදුකරණ බව අඹගමුව ප්‍රාදේශිය ලේකම් සිතාරා ගමගේ මහත්මිය පැවසීය
දුම්රිය මගින් හැටන් දක්වා ප්‍රවහනය කරන ලද අදාල මානුෂිය ආධාරවල පලමු තොගය අද (02) දින හැටන් දුම්රිය ස්ථානයේ දි භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රාදේශිය ලේකම්වරිය තව දුරටත් සඳහන් කලේ අද දිනය තුල දුම්රිය බහලුම් 02 ක ආධාර ලැබි ඇති බවත්, ඉතිරි ආධාර ඉදිරි දින කිහිපය තුල පැමිණිමට නියමිත බවත්ය. එම ආධාර දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ උපදේස් පරිදි හෙට දින සිට බෙදා දීමට කටයුතු කරන බව ඇය තව දුරටත් පැවසීය.
මෙම ආධාර යටතේ ලැබෙන සහල් අඩු අදායම් ලාභී එක් පවුලකට සහල් කිලෝ ග්‍රෑම් 10ක බැගයක් ලබාදීමට නියමිත අතර අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 81504 කටත් සහල් ලබාදිමට සැළසුම් කර ඇත. එසේම කිලෝ ග්‍රෑම් 1ක කිරිපිටි පාර්සල් 4000ක් බෙදා හැරීමට නියමිත අතර කිරිදෙන මව්වරුන්, ගැබිණි මව්වරුන් සහ වයස අවුරුදු පහට අඩු ළමුන් සිටිනා තෝරාගත් පවුල් සදහා මෙම කිරි පිටි පාර්සල් බොදා දිමට සැළසුම් කර තිබේ.

 

285702841 328397242790272 7266261875433814442 n

285705422 328397246123605 6115974577278069638 n

 285727454 328397332790263 262745140995579286 n

285863966 328397336123596 3408123504095187304 n

285892738 328397316123598 8960087776439606821 n

285989809 328397256123604 3546929705407019315 n