දෙසැම්බර් මාසයේ සංචාරක වාරය වෙනුවෙන් නුවරඑළිය ට පැමිණෙන සංචාරකයන් සඳහා පිරිසිදු, මනරම් පරිසරයක් ලබාදිම වෙනුවෙන් සැලසුම් කල පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනේ පලමු ශ්‍රමදානය අද (16) දින නුවරඑළිය නගරය ආශ්රිත සංචාරක ස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීනි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මගපෙන්වීම මත නුවරඑළිය මහ නගර සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන, ආරක්ෂක අංශය, සංචාරක හෝටල් හිමියන්, වෙළද සංගමය, ඇතුළු සංවිධානවල සහභාගිත්වයෙන් මෙම ශ්‍රමදාන වැඩසටහන සංවිධානය කර තිබිණි.
නගරයේ වැඩියෙන් අපවිත්‍ර වි ඇති හදුනාගත් ප්‍රාදේශ කොටස් ශ්‍රමදානයට සහභාගි වු ආයතන හා කණ්ඩායම් මගින් පිරිසිදු කිරිම සිදු විය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.
නුවරඑළිය

















