නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 ජනවාරි 12 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
2024 වර්ෂයේ විමධ්‍යගත අයවැය වැඩසටහන පිලිබදව හා ව්‍යපෘති යෝජනා ලබාගැනීම සම්බන්ධයෙන් මෙහිදී මුලිකව සාකච්ඡා කල අතර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට ලැබී ඇති ලිපි සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාවට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේශ්වරන් මහතා, ඇතුළු
දේශපාලන නියෝජිතයින් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.

















