Featured News

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව, අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ආර්ථික දුෂ්කරතාවයන් ඇති පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ, අමාත්‍ය ජීවත් තොණ්ඩමන් සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති එස්.බි. දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය නගර ශාලාවේ දි පසුගියදා (16) දින සිදු කෙරිණි.
මෙම වැඩසටහන යටතේ 2022/2023 වර්ෂයේ අ.පො.ස(සා.පෙළ) විභාගය සමත්ව අ.පො.ස(උ.පෙළ) හැදෑරීමට සුදුසුකම් ලද තෝරාගන්නා ලද සිසුන් වෙත මසකට රුපියල් 6000/= බැගින් වසර 2 ක කාලයක් සඳහාත්, 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා තෝරාගන්නා ලද ආර්ථික දුෂ්කරතාවයන් ඇති සිසුන් හට රුපියල් 3000/= බැගින් වසරක කාලයක් සඳහාත් ශිෂ්‍යාධාර ප්‍රතිලාභ හිමිවෙයි.


මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිසු දරුවන් 4900 ක ප්‍රමාණයකට ශිෂ්‍යත්ව හිමි වේ.


ඒ අනුව එය සංකේතවත් කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාප නියෝජනය කරමින් තොරාගත් සිසු දරුවන් 750 ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම අද සිදු විය.


මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මරදපාඩි රාමේශ්වරන්, නිමල් පියතිස්ස යන මහත්වරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා , නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ මධ්‍යම පළාත් සභාවේ උසස් නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසු දරුවන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - නුවරඑළිය

 

451623462 800597712236887 230074095657502174 n

451802698 800597692236889 6444760068278507339 n

451817180 800597588903566 3689837383639768242 n

452002000 800597742236884 1904438927676968962 n

451572703 800598428903482 2617133146919297114 n

451650067 800597755570216 2324611201141362297 n

451622961 800597625570229 4324538266532307588 n

451834313 800598495570142 7035639093650445341 n

451623551 800600562236602 7067593392263776688 n

451714254 800598512236807 5597475587266526160 n

451706467 800598758903449 7204015075443339642 n

451620017 800598818903443 1931078831165832470 n

451642785 800597665570225 4928943877813322410 n

451714814 800598798903445 5668963728555062337 n

451818274 800597492236909 4252788992840555094 n

451620318 800597548903570 2086830472698076772 n

451615221 800599195570072 6616687713628041687 n

451669611 800598352236823 4903621567383620962 n

451622989 800597522236906 6443573220976384734 n

451669919 800599275570064 7741514547722705599 n

451660591 800598398903485 3912314182034077771 n

451771835 800599298903395 5229215480612314159 n

451623570 800598288903496 126677520755557870 n

451811526 800598448903480 5160123060391134676 n

451767907 800598248903500 5408725148739061153 n