Featured News

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී කාන්තා වයවසායිකාවන්ගේ ආර්ථික තත්ත්වය වර්ධනයට ක්‍රියාත්මක USAID -Score project වෙළඳ සංකීර්ණය නවීකරණය කිරිමට පියවර ගෙන තිබේ.
නුවරඑළිය සංවර්ධන සැළැස්මට සමගාමීව අඩු ආදායම්ලාභි ව්‍යවසායකයින් බල ගැන්වීම අරමුණු කරගනිමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් 2021 වසරේ දි කාර්යාලය ඉදිරිපිට හිස් භූමිය යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.


දිස්ත්‍රික්කයේ කාන්තා සමිති කිහිපයකින් තොර ගත් වයවසායිකාවන් 12 දෙනෙකු මෙහි සිය ව්‍යාපාර කටයුතු සිදු කරන ලදි.
මෙම වෙළඳ සංකීර්ණයේ කටයුතු විදිමත් කරමින් කාන්තා වයවසායිකාවන් 30 දෙනෙකුගෙ නිෂ්පාදන අලෙවි කිරීමට අවශ්‍ය පහසුකම් සපයමින් නවිකරණය කිරීම ආරම්භ කර තිබේ.
මෙම සමස්ත වැඩ සටහන සඳහ USAID ආයතනය මගින් මිලියන 6.3 මුදලක් මේ ව විට ආයෝජනය කර තිබේ.

මෙම වෙළෙඳ සංකිර්ණය නවිකරණය කිරිමේදී එය ඉදිරිපිට තිබෙන ගස්වැල් ආරක්ෂා කරමින් පරිස හිත කමිව මෙම කටයුතු සිදුවේ.


මෙලෙස දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්වය නංවා ලීම වෙනුවෙන් ඹ්නෑම ව්‍යාපෘතියක් හෝ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ දී ඒ සඳහා සද්භාවයෙන් කරනු ලබන විවේචන වෙනුවට මෙම වැඩසටහනද ද්වේෂ සහගත ලෙස අසත්‍ය ප්‍රචාර කරමින් විවේචනය කිරීමට පුද්ගලයින් කිහිප දෙනෙකු කටයුතු කරමින් සිටීම ඉතා කණගාටුදායකය.


ව්‍යාපෘතිය ක්‍රියාත්මක ස්ථානය වීඩියෝගත කරමින් එහි පරිසරයට හානි සිදු කරන බවත් ගස් කපා ඉවත් කරමින් මෙම ඉදිකිරීම් කරන බවටත් අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට ඇතැම් පිරිස් කටයුතු යොදා තිබේ.
නමුත් මෙම ස්ථානයේ කිසිම ගසක් කපා ඉවත් කිරීමක් සිදුකර නොමැති අතර එහි ඇති එකම සයිප්‍රස් ගස පවා ආරක්ෂා වන ආකාරයට මෙම ඉදිකිරීම සිදුකර ඇති ආකාරය ඹ්නෑම අයෙකුට නිරීක්ෂණය කළ හැකිය.
මෙම ගොඩනැගිල්‍ලේ ඉදිරිපස වහලය සකස් කිරීමේදී ද සයිප්‍රස් ගසට හානියක් නොවන පරිදි එම ඉදිකිරීම සිදුකර ඇත.


තවද මෙම ව්‍යාපෘතිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරන අතර USAID ආයතනය මගින් ද අවශ්‍ය උ පදෙස් ලබා දීම සිදුකරනු ලබයි.


එමෙන්ම USAID ආයතනය යනු දසක ගණනාවක් පුරාවට මෙරට ජනතාවගේ ජීවන තත්වය නං වාලීම වෙනුවෙන් ප්‍රසංසනීය කාර්යභාරයක් සිදුකරනු ලබන විෂිශ්ඨ රාජ්‍ය නොවන ආයතනයක් වන අතර පරිසරයට ආදරය කරන පරිසර හිතකාමි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආයතනයකි.


එබැවින් මෙවැනි පදනම් විරහිත ද්වේෂ සහගත අසත්‍ය විවේචන සම්බන්ධයෙන් එහි දේශීය නියෝජිතයින් තම කණගාටුව ප්‍රකාශ කර සිටින අතර දිස්ත්‍රික්කය තුල යලි මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒ සම්බන්ධයෙන් යලි සළකා බලන බව ද ප්‍රකාශ කර තිබේ.


එබැවින් දිස්ත්‍රික්කයේ ජනතාවගේ සැබෑ දියුණුවක් ප්‍රාර්ථනා කර න්නේනම් අප කළ යුත්තේ මෙවැනි විදේශ ආයෝජන මගින් කරනු ලබන ව්‍යාපෘති තව දුරටත් දිරි ගැන්වීම මිස අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කර අහිංසක ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට බාධා කිරීම නොවන බව සිහිපත් කළ යුතුව ඇත.

WhatsApp Image 2024 09 10 at 8.44.04 PM

WhatsApp Image 2024 09 10 at 8.44.05 PM