Featured News

2022 වර්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෝපි පැල ලක්ෂ 10ක් වගා කිර්‍ර්මට අපේක්ෂා කරන බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසනවා.එතුමන් මේ බව ප්‍රකාශ කලේ 2022/01/25 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවති " දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව " අමතමින්
වගා කිරීම සදහා අවශ්‍ය සුදුසු කෝපි පැල සපයා ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් සකසන ලෙසද දිස්ත්‍රික් ලේකම්තුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
---------------------------
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව නුවරඑළිය දිස්ත්‍රික්කය තුල හරිත කෘෂිකර්ම සංකල්පය ජනතාව තුල ප්‍රචලිත කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින්
ගන්නැයි දිස්ත්‍රික් ලේකම්තුමා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සදහා ක්‍රමවත් වැඩපිලිවෙලක අවශ්‍යතාවය ද
මෙහිදී දිස්ත්‍රික් ලේකම්තුමා අවධාරණය කලේය.
ජනාධිපතිතුමන් විසින් පිහිටවනු ලැබූ හරිත කෘෂිකර්මය සදහා වන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මධ්‍යම පලාත භාරව සිටින බ්‍රිගේඩියර් DCCDR වෛද්‍යසේකර මහතාද මෙම අවස්තාවට සහභාගී වී සිටියහ. එතුමන් ප්‍රකාශ කලේ හරිත කෘෂිකර්ම සංකල්පය ජනතාව අතර ගෙනයාම සදහා රාජ්‍ය නිලධාරීන්ගේ සහය අත්‍යාවශ්‍ය බවය.
මෙම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය, ප්‍රාදේශීය ලේකම්තුමන්ලා , රාජ්‍ය නිලධාරීන් , ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

272080212 238466945116636 1963043746842304597 n

272266063 238466835116647 5246135467753761071 n

272387486 238466891783308 3642942646514801028 n

272400700 238466908449973 570374655078568454 n

272659891 238466851783312 8463082574844665694 n