ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සහ ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගැනීමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) දින නුවරඑළිය දී පැවැත්විණි.
ආපදා කළමනාකරණය පිළිබදව තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම, ආපදා අවදානම අවම කර ගැනීමට සහ ආපදා නිසා සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සහ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
ආපදා කළමනාකරණය පිළිබදව නිවැරදි දත්ත සහ තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම ක්‍රමවේදය කාරයක්ෂම කිරීමේ අභිප්‍රාය ඇතිව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙහිදි ආපදා කළමනාකරණය පිළිබදව දැනුවත් කරන ලදී.
ආපදා කළමනාකරණ කාර්යයේ නිරත වන තාක්ෂණික ආයතනවල කාර්යභාරය සහ ආපදා සංනිවේදනය පිළිබද සිද්ථාන්තික තොරතුරු සහිත දේශන මෙම එක්දින පුහුණු වැඩසටහනට ඇතුළත් විය.
නාය යෑම් කළමනාකරණය සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කාර්යභාරය යන මාතෘකාව යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ආපදා සහන ලබාදිමේදි පවතින ප්‍රතිපත්ති හා චක්‍රලේඛන යන මාතෘකාව යටතේ ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය සිද්ධාන්තික කරුනු ඉදිරිපත් කරන ලදී.
ආපදා සංනිවේදනයේ ප්රවෘත්ති වාර්තාකරණය දී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මුහුණපාන ගැටලු සාකච්ඡා කිරීම, මාධ්‍යවේදීන්ට සෘජුව තාක්ෂණි ආයතන සමග සම්බන්ධ වී තොරතුරු ලබාගැනීම සහ පවතින සංනිවේදන ක්‍රමවේදය පිළිබද මෙහිදි මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සිදු විය.
මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


























