Featured News

×

Message

Invalid Page Request

රාජ්‍ය විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන පිරිස් සඳහා සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ලබාදීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම දායකත්වය දැක්වූ රාජ්‍ය නිලධාරීන් ඇගයීමේ උත්සවයක් දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සහ සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති ජේෂ්ඨ ඉන්ජිනේරු පි.එස්.එස්. දික්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේදී පැවැත්විය.
මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමාජ ආරක්ෂන හිමිකම් ලබාදීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කල
ග්‍රාම නිලධාරීන් 34ක් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එක් අයෙක්, ප්‍රාදේශීය ලේකම් වරුන් සිව්දෙනෙක්, සමාජ සේවා නිලධාරීන් තිදෙනෙක් සහ පරිපාලන ග්‍රාම නිලධාරී දෙදෙනකු ඇගයිමට ලක් කිරිම සිදු විය .
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි කේ.ඒ.එස්.ප්‍රසන්න කළුආරච්චි මහතා සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.

339078600 209687771680566 7325600032290312362 n339098146 1391350454960500 6586464255021937020 n339558273 595486429220471 3693470151073361930 n339560152 666284912173813 4912655538803508821 n339573035 3479728398960004 5468080721562243500 n339603712 772354467943911 8006431331406836808 n339604748 748604130183465 178061897634207885 n339647023 232955662600002 1953649970148905140 n339647712 184674114426269 6451312999832396603 n339649104 1844483039266755 6454132147187564346 n339653221 1356391068261593 1671700035724486023 n339746993 774100270558549 2113713507788931806 n339759495 775444577272003 1428170223846681899 n339784839 1512103149282159 4446272852257644126 n339799142 133517616321085 6134310181239932043 n