එළඹෙන 20 වනදා පැවැත්වීමට නියමිත ජාතික තෛපොංගල් දිනය උත්සවය පැවැත්වෙන හැටන් ඩම්බාර් ක්‍රීඩාංගනයේ පෙර සූදානම් කටයුතු නිරීක්ෂණය කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදුවිය.
ජනාධිපති අගමැති ප්රමුඛ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුම් උත්සවයේ සංවිධාන කටයුතු සහ යටිතල පහසුකම් ඇති කිරීම පිළිබඳව මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.
නුවරඑළිය .
















