Featured News

ආබාධ සහිත පුද්ගලයන් මුහුණ දෙන අභියෝග, ගැටලු, පවතින අවස්ථා සහ ඒවාට නිසි ලෙස ආමන්ත්‍රණය කිරීමට ගත හැකි පියවර සහ යෝජනා පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීම වෙනුවෙන් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය දිස්ත්‍රික් මට්ටමෙන් පවත් වන වැඩසටහන් මාලාවේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන ,2024/05/27 වන දින එම සංගමයේ සභාපති ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය අරලිය රෙඩ් හෝටලයේදී පැවැත්විණ.


දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වලදී ආබාධිත ප්‍රජාවගේ ගැටළු සාකච්ඡා කිරීමට න්‍යාය පත්‍රයේ විශේෂ ස්ථානයක් ලබාදීම සහ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් මෙහෙයුම් කමිටුවක් පිහිටුවා එම සෑම කමිටුවකදීම ඔවුන්ගේ ගැටළු පිලිබද සාකච්ඡා කිරීම කාලීන අවශ්‍යතාවයක් බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දිවයින පුරා අබාධ සහිත පිරිස් සම්බන්ධයෙන් තොරතරු ඇතුලත් නිවැරදි දත්ත පද්ධතියක් නොමැතිවීමේ ගැටලුව පිලිබදව,දිස්ත්‍රික්කයේ ආබාධිත ප්‍රජාව මුහුණ දෙන ගැටළු සහ රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක වියයුතු ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන්විය.


මෙම වැඩසටහනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී. රත්නායක , නිමල් පියතිස්ස කේ. පී. එස්. කුමාරසිරි යන මහත්වරුන්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ,ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරමින් සභාපති රසාංජලි පතිරගේ මහත්මිය පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම්වරුන්, නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමන් ඇතුළු කාර්‍ය මණ්ඩලය, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් රාජ්‍ය නිලධාරීන් නුවරඑළිය දිස්ත්‍රික් ආබාධ සහිත වූවන්ගේ සංසදයේ නිලධාරීන් , සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

444470518 770060018623990 3992555664011597731 n

444481712 770060201957305 8783323862655282879 n

414569670 770060291957296 1499060413513860976 n

444485050 770060078623984 7907778926252937576 n

444490497 770060038623988 7736023595992968063 n

444765588 770060095290649 6745861639779950761 n

442509976 770060105290648 7443742625979960945 n

442507628 770060045290654 9054235119754002587 n

444455500 770060025290656 5328780496283497547 n

444500406 770060071957318 6437743647249737222 n

442507628 770060045290654 9054235119754002587 n

444765588 770060095290649 6745861639779950761 n

444445652 770060155290643 8481615137679825587 n

444480856 770060248623967 3098565787470378748 n