ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව, අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ආර්ථික දුෂ්කරතාවයන් ඇති පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ ජාතික වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ වැඩසටහන , දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති එස්.බි. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පසුගියදා (19) පැවැත්විණ.
මෙම අවස්ථාවට මහජන නියෝජිතයින්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, නුවරඑළිය ලේකම් ලේකම් නන්දන ගලබඩ මහතා , ඇතුළු පිරිසක් සහභාගී වුහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.



















