Featured News

ලංකාවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂය ඉහළින්ම දිනාගත් සංචාරක පුරවරයකි නුවරඑළිය. සීතල මිහිදුම් පහස විදිමින් සුන්දර නුවරඑළියේ සංචාරය කරමින් එහි අසිරිය විදින්නට දෙස් විදෙස් සංචාරකයින් දක්වන්නේ දැඩි කැමැත්තකි.ලෝකාන්තය,හෝර්ටන්තැන්න,පිදුරුතලාගල,හග්ගල,ග්‍රෙගරි වැව ආදි ස්ථාන සංචාරකයින්ගේ සිත් ගත් දර්ශනීය ගමනාන්ත බවට පත් වී ඇත.


දීර්ඝ නිවාඩු දින සති අන්ත සහ පාසල් නිවාඩු කාලය නුවරඑළිය සංචාරකයින්ගෙන් පිරී ඉතිරී යනු දක්නට හැකිය.විශේෂයෙන් ලංකාවට ඩොලර් ගෙනෙන විදේශීය සංචාරකයින් තම නිවාඩුව ගත කිරීමට නුවරඑළිය අනිවාර්යයෙන්ම තෝරා‍ ගනී.පුංචි එංගලන්තයට පැමිණ මොහොතින් මොහොත තත්පරයෙන් තත්පරය ක්ෂණිකව වෙනස්වන කාළගුණික තත්වයන්ට විදේශීය සංචාරකයන් දක්වන්නේ දැඩි කැමැත්තකි.මෙම තත්වය මනාව අවබෝධකර ගත් රජය 2025 වර්ෂය ලංකාවට සංචාරකයින් වැඩිම පිරිසක් ගෙන්වා ගැනීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට මේ වන වි ටත් සූදානම් වී ඇත.


මේ සඳහා තවත් එක් අදියරක් ඉදිරියට තබමින් ගරා වැටෙමින් විනාශ වෙමින් පැවැති නුවරඑළිය රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජ ගොඩනැගිල්ල සුපිරි අවන්හලක් බවට මේ වන විට පත්කර ඇත.දේශීය ආයෝකයෙකු මේ සඳහා විශාල ආයෝජනයක් කර ඇති අතර ප්‍රදේශයේ තරුණ තරුණියක් රැසකට සෘජු මෙන්ම වක්‍ර රැකියා අවස්ථා ගණනාවක් ද උදාකර දී ඇත.


මෙලෙස පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් අරමුණු කර ගනිමින් ඉදි කරන ලද සුපිරි අවන්හල මේ වන විට නුවරඑළිය නගරයේ ලේඩි මැක්ලම් ඩ්‍රයිව් හිදී විවෘත කර ඇත.ඉතා නිස්කලංක වට පිටාවක පිහිටි මෙම අවන්හල නවීන සුපිරි පහසුකම් සහිතව ඉදිකර ඇත.දෙස් විදෙස් ප්‍රණීත ආහාර,කැරොකේ සංගීතය සමගින් රස විදින අතරතුර නුවරඑළියට මීට පෙර පැමිණි සංචාරකයෙකු කිසිදු අවස්ථාවක නොවිදි අත්දැකීමක් මෙම සුපිරි අවන්හලට පැමිණීමෙන් ඔබට ලබා ගත හැක.සංචාරකයින් බහුලව පැමිණි විට නුවරඑළිය ඉතා කාර්ය බහුල නගරයක් බවට පත්වන අතර එම අවස්ථාවලදී වාහන තදබදයටද විසදුමක් ලෙස මෙම අවන්හල අවට වාහන 50 ට වැඩි ප්‍රමාණයක් ගාල් කළ හැකි රථ ගාලක් ද සකස්කර ඇත.


විශේෂයෙන්ම සියලු පහසුකම් සහිතව විදේශීය සංචාරකයින් ඉලක්කකර මෙම අවන්හල ඉදිකර ඇත.නුවරඑළියට සංචාරය සඳහා පැමිණෙන සංචාරකයින් දින කීපයක් නුවරඑළිය නගරයේ රදවා ගැනීමද මෙවැනි සුපිරි අවන්හලක් ඉදි කිරී‍මේ පරමාර්ථයකි.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - නුවරඑළිය

466665593 879066821056642 2712281160135860063 n

466588353 879066851056639 2088436560840171806 n

466665593 879066821056642 2712281160135860063 n