සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පවත්වන ජාතික මලල ක්රීඩා තරගාවලියට සමගාමිව දිස්ත්රික් මට්ටමෙන් සුදුස්සන් තෝරාගැනීමේ නුවරඑළිය දිස්ත්රික් තරගාවලිය, නුවරඑළිය දිස්ත්රික් ලේකම් තුෂාරී තෙන්නකෝන් මහත්මියගේ ප්රධානත්වයෙන් 2025.02.28 වන දින නුවරඑළිය මහනගර සභා ක්රීඩාංගණයේදී පැවැත්විණ.
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්රික් කාර්යාලය සහ ප්රාදේශීය ලේකම් කාර්යාලීය සමාජ සේවා අංශ මෙම තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවූ අතර නුවරඑළිය දිස්ත්රික් ක්රීඩා සංවර්ධන අංශය සහ ක්රීඩා නිලධාරීන් මෙහි තරග විනිශ්චය කටයුතු සිදු කළහ.
මෙම අවස්තාවට නුවරඑළිය අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) ශාලිකා ලිදකුඹුර මහත්මිය.රාජ්ය නිලධාරීන් teafield ආයතනයේ නිලධාරීන් CBR ස්වෙච්චා සේවකයන්, ස්වශක්ති සංවිධානවල නිලධාරීන්, ආබාධ සහිත වුවන්ගේ දෙමාපියන්- භාරකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.



























