ජාතික සුරක්ෂිත දින සැමරුම් වැඩසටහනක් අද (26) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයේ 21 වන සංවත්සරය සිහිපත් කරමින් සුනාමිය සහ අනෙකුත් ස්වාභාවික විපත්වලින් ජීවිත අහිමි වූවන්ට සිහිපත් කර උදැසන 9.25 සිට මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ඔවුන් සිහිපත් කිරීම මෙහිදී සිදු විය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ මග පෙන්වීම මත දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාව ට අතිරේක දිස්ත්‍රික් ලේකම් ශාලිකා ලිදකුඹුර, ප්‍රධාන ගණකාධිකාරි පි.එ.ඩි. දමයන්ති, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ, කර්නල් නිශාන්ත බණ්ඩාර යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටිහ.
















