78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික් නිදහස් දින සැමරුම නුවරඑළිය නගර මධ්‍යයේ දී දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් අද (04) දින සැමරිණි.
ප්‍රථමයෙන්ම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතාගේ සුරතින් ජාතික කොඩිය ඔසවා ඉන්පසුව ජාතික ගීය වාදනය කොට රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ ජාතික විරුවන් සහ රණ විරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිහඬියාවක් පළ කෙරිණි.
"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ගොඩනැගීම සඳහා එකමුතුව තිර අදිටනින් සහ සහෝදරත්වයෙන් අත්වැල් බැඳගනිමින් නිදහසේ සැබෑ අරමුණු කරා අප රැගෙන යාමට දිරිවඩන අර්ථවත් ජාතික නිදහස් දිනයක් සැමරීම තේමා කරගනිමින් පැවති මෙම සැමරුම් උත්සවය පාසල් තුර්ය්වාදක කණ්ඩායම් සහ නර්තන අංග ඇතුළත් ආචාර පෙළපාලියකින්ද සමන්විත විය , ඒ සදහා පොලිස් හා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් එක්ව සිටිම විශේෂිතයි.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සේනවිරත්න මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගි වුහ.


















































































