නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය බෞද්ධ සංගමය මඟින් සංවිධානය කරනු ලබන ධර්ම දේශනා පිංකම් මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් පසුගිය (3) දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැත්විනි.
හාවාඑළිය අශෝකාරාමාධිපති පූජ්‍ය දෙහිගහහේනේ කෝවිද ස්වාමීන් වහන්සේ විසින් මෙම සුමධුර ධර්ම දේශනාව පැවැත්වුහ.
දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදේස් පරිදි කාර්යාල නිලධාරින්ගේ අධ්‍යාත්මික සුවය වෙනුවෙන් මෙම පිංකම සංවිධානය කර තිබිනි.



















