Featured News

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක ආහාර සුරක්ෂිතතා වැඩසටහන් වලට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපිත ආහාර සුරක්ෂිතාගාරය විවෘත කිරීම හා ආහාර සුරක්ෂිතතාවය, ගෙවතු වගාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් ඕ.එස් පෙරේරා මහත්මියගේ මගපෙන්වීම යටතේ 2022.09.28 දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ජී.කේ.ජී.ඒ.ආර්.පී.කේ නන්දන මහතාගේ ප්‍රධානත්වයෙන් හා නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ හා නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීය.
මීට සමගාමීව සෞභාග්‍යා නිෂ්පාදන හා ප්‍රදේශවාසීන්ගේ අලෙවිපොලක් ද පැවැත්වීය .මෙහිදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා මධ්‍යස්ථාන, (හෙල්බොඩ, පූඩළුඔය) සමෘද්ධි බැංකු කලාප (රම්බොඩ, පල්ලේපනේ, උඩපනේ) නිලධාරීන්ගේ හා රම්බොඩ, පල්ලේපනේ, උඩපනේ කෝරළයන් හි වසම් වල ග්‍රාම නිලධාරී,සංවර්ධන නිලධාරී දායකත්වය ඇතුව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.
තවද මෙදින කොට්ඨාසයේ පවුල් 100 ක් සඳහා ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රධානය කිරීමේ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ජී.කේ.ජී.ඒ.ආර්.පී.කේ නන්දන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය.
එමෙන්ම ගුණ ජය සතුට පදනමේ (Good Happiness Foundation) අනුග්‍රාහකත්වයෙන් කොට්ඨාසයේ තෝරා ගත් ගැබිණි මාතාවන් 50 දෙනෙකු සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී.

309256117 411817051114957 2174545890556819483 n

309309679 411816977781631 7087674830775088567 n

309389033 411816987781630 6871761985338938421 n

309432588 411817084448287 6847402522623424425 n

309549229 411817007781628 1795537674370487952 n

309805771 411817071114955 4981231410520854729 n

309998711 411817061114956 4675753365208685841 n

310069253 411817024448293 4128915413515182191 n