Featured News

නුවරඑළිය බස් නැවතුම්පොළ වෙත දුරගමන් සේවා බස් රථ ඇතුළු කිරීම සම්බන්ධව ඇතිවු ගැටළුව නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් පැවති සාකච්ඡාවක් අද (28) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදි පැවැත්විණ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවති අතර උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් අදාල පාර්ශවයන්ගෙන් කරුණු විමසීමක් සිදුකෙරිණ.
මෙම ගැටළුව නිරාකරණය කිරීමට නුවරඑළිය මහ නගරසභාව මගින් කමිටුවක් පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩුකාරතුමන් නුවරඑළිය නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතාට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව නගරාධිපතිතුමන්ගේ සහ දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ මගපෙන්වීම යටතේ නාගරික කොමසාරිස්තුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලදි. එම කමිටුවට නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පතිතුමන් නියෝජනය කරමින් නියෝජිතයෙක් , ශ්‍රී.ලං.ග.ම නියෝජනය කරමින් නියෝජිතයින් තිදෙනෙක් සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවය නියෝජනය කරමින් නියෝජිතයින් තිදෙනෙක් පත්කරන ලදි.
මෙම ගැටළුව නිරාකරණය කිරීමට අදාල විසදුම් සති දෙකක් ඇතුලත තමන් වෙත ලබා දෙන ලෙස ආණ්ඩුකාරතුමන් කමිටුවට උපදෙස් ලබා දුන්නේය..

 316685843 452874443675884 4553858017699838730 n

316412524 452873150342680 474424520357951965 n

316675498 452874747009187 8460171135253405777 n

316691222 452872947009367 1746219536370109103 n

316940516 452873127009349 4851841604670573495 n

317079638 452873053676023 7911963304769663382 n

317090565 452874400342555 8230765293372793144 n

317093757 452872877009374 8917432208394819058 n