2567 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්
සංවිධානය කරන ලද, ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත අති පුජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමියන් විසින් පවත්වන ලද සුමධුර ධර්ම දේශනයක් පසුගිය (12) දා කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදි.
කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදිර ලක්මාල් මහතාගේ මගපෙන්වීමෙන් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි ප්‍රජාමුල බැංකු සමිති සමාජ සංවර්ධන අංශය, කාර්යාල නිලධාරීන් හා කොට්ඨාශයේ සැදැහැවතුන් විසින් මෙම පිංකම සංවිධාන කර තිබිණ.













