ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් ක්‍රියාවට නංවන ළමා ආරක්ෂණය පිලිබද ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ පුහුණු වැඩසටහනක් 2023/10/13 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
ළමා ආරක්ෂණය පිලිබද ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී ජාතික,පළාත්,දිස්ත්‍රික්,ප්‍රාදේශීය සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් ඵලදායී අන්තර්- ආංශික සම්බන්ධීකරණ යාන්ත්‍රණය පිහිටුවීම සහ පවත්වාගෙන යාම සම්බන්ධව මෙහිදී මූලිකවම සාකච්ඡා කෙරිණ.
ළමා ආරක්ෂාව සම්බන්ධව විශේෂ කාර්‍යන් ඉටු කරන නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරීන් පිරිසක් මෙම වැඩසටහන සදහා සහභාගී වූ අතර මෙම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී නිළධාරීන්ට මතුවන තාක්ෂණික කාරණා නීතිමය ප්‍රතිපාදන සමාජීය කාරණා සහ වින්දිත දරුවන්ගේ පෞද්ගලිකවය සුරකෙන පරිදි කටයුතු කිරීම පිලිබද අවශ්‍ය දැනුම ලබාදෙන ලදි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ මෙම පුහුණු වැඩසටහන පැවැත්වූ අතර මෙහි සම්පත් දායකයින් ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.
මෙම වැඩසටහනට අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය, නුවරඑළිය දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී හරේන්ද්‍ර ජයන්ත මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
























