Featured News

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල සිදුවන සියදිවි නසාගැනීම් වැලැක්වීමේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම පිළිබද මුලික වටයේ සාකච්ඡාවක් 2023/10/18 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය චෝගම් ශාලාවේදී පැවැත්විණ.
නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් මෙම වැඩසටහන සංවිධානය කල අතර මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය සිදුකලේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රොහාන් රත්නායක මහතා විසිනි.


ජනතාව සමග සමීපව කටයුතු කරන දිස්ත්‍රික්කයේ වෛද්‍ය නිලධාරීන් අනෙකුත් රාජ්‍ය ආයතන වල නිලධාරීන් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් සිවිල් සංවිධන නියෝජිතයින් මෙහිදී දැනුම්වත් කරන ලද අතර ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් වන නිර්ණායක පිලිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.


මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පි.කේ බෝධිමාන්න ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශිරෝමි මල්වත්ත මහත්මිය. ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය රොහාන් රණසිංහ මහතා,නියෝජ්‍ය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ සේනක හේවාමාන්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

393298443 642068731423120 241678487881625483 n391666198 642068754756451 5957935757810955457 n391674649 642068991423094 714584817759331411 n392947230 642068951423098 6665351269047151664 n393167190 642068821423111 473432477645500041 n