Featured News

×

Message

Invalid Page Request

කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට එරෙහිව සිදුවන සියලු ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීමට පෙළගැසෙමු යන මැයෙන් අන්තර්ජාතිකව ක්‍රියාත්මක වන දින 16 වැඩසටහනට සමගාමීව ජාතික කාන්තා කාර්‍යාංශය මගින් සංවිධානය කල වැඩසටහන් මාලාවක් 2023/12/09,10 දෙදින පුරා නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්විණ.


"කාන්තාවන්ට එරෙහිව බස්රථ තුළ සිදුවන හිංසනය නවතමු" යන තේමවෙන් රාජ්‍ය නිලධාරීන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා සමාජ සේවකන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023/12/09 උදැසන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේදී පැවැත්වින ,


අනතුරුව පස්වරුවේදී අඩු ආදායම්ලාභී ගර්භණී මවුවරුන් 30 දෙනෙකු සඳහා රෝහලට ගෙනයෑමට අවශ්‍ය අංග සම්පූර්ණ උපකරණ කට්ටල හා නුවරඑළිය නගරයේ ආයතන රැසක පිරිසිදු කිරීම් කටයුතු සිදුකරන සේවක සේවිකාවන් 45 දෙනෙකුට සනීපාරක්ෂක භාණ්ඩ කට්ටල පිරිනැමීමේ වැඩසටහනක්ද පැවැත්වීමට ද කටයුතු කර තිබිණ .
බස් රථ හා ත්‍රීරෝද රථ තුල කාන්තාවන්ට සිදුවිය හැකි හිංසනයන් වැලැක්වීමේ අරමුණෙන්


"සැමට සුන්දර ගමනක්" තේමාව යටතේ සංවිධානය කළ නිහඩ පාගමනක් 2023.12.10 දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට නුවරඑළිය මධ්‍යම බස් නැවැතුම්පොල දක්වා සංවිධානය කර තිබිණ. රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවක සේවිකාවන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ග්‍රාමීය කාන්තා කමිටු නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම පාගමනට සහභාගී වූ අතර නුවරඑළිය නගරය පුරා දැන්වීම් හා අත් පත්‍රිකා බෙදා හරිමින්, බස් රථ හා ත්‍රීරෝද රථ වල ස්ටිකර් ඇලවමින්,දැන්වීම් පුවරු රැගෙන වීදි සංචාරය කිරීම මෙම පාගමනේ සුවිශේෂත්වයකි. අනතුරුව කාන්තා සැමරුම් උළෙලක් සහ විශේෂ දේශණයක් දිස්තික් ලේකම් කාර්යාල ආශ්චර්යය ශාලාවේ සංවිධානය කර තිබිණ ,


මෙම වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන , පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයට අනුබද්ධිත නුවරඑළිය දිස්ත්‍රික් වනිතා කටයුතු අංශය සහ ජාතික කාන්තා කමිටුව මගින් සංවිධානය කර තිබිණ ,


මෙම වැඩසටහන් මාලාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් දිසාපති නන්දන ගලබොඩ මහතාගේ උපදෙස් පරිදි අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) හා නුවරඑළිය මහ නගර සභාවේ නාගරික වැඩබලන කොමසාරිස් සුජීවා බෝධිමාන්න මහත්මිය , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිනිකා කවිසේකර මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් සමීර ගම්ලත් මහතා වනිතා කටයුතු දිස්ත්‍රික් නිළදාරි රසිකා ජයසිංහ මහත්මිය , පාම් පදනමේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා චන්දිමා අබේවික්‍රම මහත්මිය, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ ශ්‍රේණියේ ප්‍රධාන හෙද නිළධාරීනී ලලන්ති රණසිංහ මහත්මිය, නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු නුවරඑළියේ සෑම රාජ්‍ය ආයතනයන් නියෝජනය කරමින් එහි විධායක ශ්‍රේණිවල නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

 

409370960 670291941934132 1185667752651843734 n408465981 670292081934118 5874859110540569611 n408470412 670292295267430 4345036591509479315 n408593608 670292355267424 7492592153508570229 n409122186 670292098600783 1711772322511983008 n409173428 670290768600916 4179372305914886005 n409183254 670292248600768 3978965450844130828 n409191982 670292111934115 78394803415079926 n409346955 670292211934105 4257184671200833418 n409359656 670292171934109 474593829584373739 n409371409 670292005267459 4498684908121459390 n409381311 670292341934092 1085001435248622469 n409408557 670292051934121 6772207677145954620 n409752169 670292391934087 2114235834571286472 n409777630 670292201934106 2012108982519687041 n409816929 670292231934103 1814533461032661557 n