ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව, අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ආර්ථික දුෂ්කරතාවයන් ඇති පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ ජාතික වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ, අමාත්‍ය ජීවත් තොණ්ඩමන් සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති එස්.බි. දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය නගර ශාලාවේ දි පසුගියදා (16) දින සිදු කෙරිණි.
මෙම වැඩසටහන යටතේ 2022/2023 වර්ෂයේ අ.පො.ස(සා.පෙළ) විභාගය සමත්ව අ.පො.ස(උ.පෙළ) හැදෑරීමට සුදුසුකම් ලද තෝරාගන්නා ලද සිසුන් වෙත මසකට රුපියල් 6000/= බැගින් වසර 2 ක කාලයක් සඳහාත්, 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා තෝරාගන්නා ලද ආර්ථික දුෂ්කරතාවයන් ඇති සිසුන් හට රුපියල් 3000/= බැගින් වසරක කාලයක් සඳහාත් ශිෂ්‍යාධාර ප්රතිලාභ හිමිවෙයි.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිසු දරුවන් 4900 ක ප්‍රමාණයකට ශිෂ්‍යත්ව හිමි වේ.
ඒ අනුව එය සංකේතවත් කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාප නියෝජනය කරමින් තොරාගත් සිසු දරුවන් 750 ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම අද සිදු විය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මරදපාඩි රාමේශ්වරන්, නිමල් පියතිස්ස යන මහත්වරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා , නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ මධ්‍යම පළාත් සභාවේ උසස් නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසු දරුවන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - නුවරඑළිය





































