Featured News

දිස්ත්රික් තේරිම් බාර නිලධාරි, දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.
===================
 
2024 මහ මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්රික්කය වෙනුවෙන් ජන්ද ප්රකාශකිරීම සඳහා අව්යශ සියළු කටයුතු සුදානම් බව නුවරඑළිය දිස්ත්රික් තේරිම් බාර නිලධාරි, දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසීය.
 
නුවරඑළිය දිස්ත්රික්කය සදහා පාර්ලිමේන්තු මන්ත්රීවරු 08 ක් තෝරා පත්කරගැනිම වෙනුවෙන්
පිළිගත් දේශපාලන පක්ෂ 17 ක් සහ ස්වාධීන කන්ඩායම් 11 ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 308 ක් මෙවර තරග වදින බව
මාධ්ය වෙත අද (12) දින විශේෂ ප්රකාශයක් සිදුකරමින් දිස්ත්රික් තේරිම් බාර නිලධාරිවරයා සඳහන් කලේය.
 
නුවරඑළිය දිස්ත්රික්කයේ ඡන්ද මධ්යස්ථාන 534 ක ජන්ද විමසීමේ කටයුතුවලට අවශ්ය ඡන්ද පෙට්ටි, ඡන්ද පත්රිකා ඇතුළු උපකරණ සහ රථ වාහන ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් හට හෙට (13) දිනයේ දි නුවරඑළිය ගාමිණි ජාතික පාසලේ දි සහ නුවරඑළිය නව නගර ශාලාවේදි ලබාදිමට අවශ්ය කටයුතු සිදුකරන බවත් පැවසු දිස්ත්රීක් තේරීම් භාර නිලධාරිවරයා තව දුරටත් සදහන් කලේ එදින උදැසන 8 ට ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් නුවරඑළිය නගර ශාලාවට කැදවා අවශ්ය උපදෙස් ලබාදීම සිදුකර ඔවුනට අවශ්ය වහාන ලබාදීම සිදුකරන බවත්, ඉන් අනතුරුව ගාමිණි ජාතික පාසලේ පිහිටි ගණන් කිරිමේ මධ්යස්ථානයේදි අවශ්ය ඡන්ද පෙට්ටි, ඡන්ද පත්රිකා ඇතුළු උපකරණ ලබා දිමට නියමිත බවත් ය.
 
නුවරඑළිය දිස්ත්රික්කයේ ලියාපදිංචි සමස්ත ඡන්ද දායකයින් සංඛ්යාව 605,292 වන අතර එය නුවරඑළිය-මස්කෙළිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 347,646 ක්, කොත්මලේ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 88219 ක්, හගුරන්කෙත මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 78,437 ක් සහ වලපනේ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 90,990 ක් ලෙස දැක්වේ. ඉන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්යාව 20502 කි.
 
දිස්ත්රික් තේරිම් බාර නිලධාරි, දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතා තවදුරටත් සඳහන් කලේ මැතිවරණ රාජකාරි සදහා නිලධාරින් 10000 ක්, ආරක්ෂක කටයුතු සඳහා පොලිසිය සහ හමුදාවේ නිලධාරින් 2500 ක් යොදවා ඇති බවත් ය.
 
යම් ආපදා තත්වයක් ඇතිවුවොත් ඊට මුන දෙමින් සාර්ථකව මැතිවරණ කටයුතු සිදු කිරීම සඳහා ආපදා කළමණාකරණ අංශය සුදානම් කර ඇති බව පැවසු දිස්ත්රික් ලේකම්වරයා සඳහන් කලේ නුවරඑළිය දිස්ත්රික්කයේ සාමකාමි මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්ය සියළු ක්රියා මාර්ග ගෙන ඇති බවය.
 
දිස්ත්රික් මාධ්ය ඒකකය - නුවරඑළිය
 
466038801 879128751050449 553050675854605140 n