Featured News

ආපදා හේතුවෙන් අවහිර වූ කොත්මලේ මාර්ග නිරික්ෂණය කිරීමට ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය (12) දා එහි පැමිණ තිබුණි.

ඒ නාය යාමෙන් අවදානමට ලක් වූ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කොත්මලේ කලපිටිය පහළ මාර්ගය, පාළුවත්ත නව නවනගරය දක්වා මාර්ගය නිරික්ෂණය කල අතර අමාත්‍යවරයා ඇතුළු පිරිස නියංගන්දර පුරාණ රජමහා විහාරය නිරීක්ෂණය සඳහා ද එක්විය.

එම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා , නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි අනුෂ්කා තිලකරත්න මහත්මිය,කොත්මලේ ප්‍රාදේශීය සභාවේ සභාපති අජිත් මුරමුදලි මහතා ඇතුළු මහජන නියෝජිතයන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටිහ.

අදාළ මාර්ග කඩිනමින් සංවර්ධනය කිරීම සම්බන්ව මෙහිදී සාකච්ඡා කරන ලදී.
1 1
2
3
4
5
6
7