Featured News

වලපනේ ඉලුක්කුඹුර ශ්‍රීමහා බෝධි විහාරාධිපති, රුපහ ශ්‍රී විද්‍යා විලාශ පිරිවනේ නියෝජ්‍ය පරිවේනාධිපති, වලපනේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛඛධිකාරී, නුවරඑළිය දිසා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු සභාපති, සාමවිනිසුරු, ශාස්ත්‍රපති පණ්ඩිත පුජ්‍ය තිබ්බටුගොඩ ගුණානන්ද හිමිපාණන් වහන්සේ වෙත ශාසන කිර්ති ශ්‍රී සුමනජෝති ගෞරව නාමය සහිතව නුවරඑළිය කඩවත් සතර සහ වලපනේ මහා දිසාවේ අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම පසු ගිය දා සිදු වුහ.
ඒ පිලිබදව ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වනදා වලපනේ ශ්‍රීමහා බෝධි විහාරයේදී පැවැත්විණ.
මෙම අවස්ථාවට ගෞරවනීය මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩමවා සිටි අතර
හිටපු පළාත් සභා මන්ත්‍රී එස් බි රත්නායක මහතා,වලපනේ ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු පිරිසක් සහභාගී වුහ.

 289583311 344767061153290 2427360187140497741 n

290130782 344767191153277 2866811316610700215 n

290387595 344767107819952 4253928808669484015 n

290753526 344767071153289 7132836224154845019 n

290921657 344767154486614 822137234174093045 n